October 28, 2021

Ada Rata

All news in one location

කොළඹ වර‍ායේ සිට පිටත් වූ නෞකාවක තෙල් කාන්දුවක්



කොළඹ වරායේ සිට පිටත්ව ගිය භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ඉන්ධන කාන්දුවක් සිදුව ඇති බව වාර්තා වේ. MV ඩෙවොන් නැමැති, පෘතුගීසි ධජය යටතේ යාත්‍රා කරන මෙම නෞකාවේ තෙල් කාන්දුවක් සිදුවන බවට තහවුරු තිබෙන්නේ ඉන්දීය වෙරළාරක්ෂක බළකායයි.

කොළඹ වරායේ සිට මෙම නෞකාව බටහිර බෙංගාලය ආසන්න මුහුද හරහා හල්දියා වරාය දක්වා ගමන් කරමින් තිබෙනවා. චෙන්නායි නරගයේ සිට නාවික සැතපුම් 250 ක් පමණ දුරින් වූ මුහුදු කලාපයේ ගමන් කරමින් තිබියදී තෙල් කාන්දුව සිදුව තිබේ. මේ වනවිටත් ඉන්ධන කිලෝ ලීටර් 10 ක් පමණ සාගරයට කාන්දු වී ඇති බවයි ඉන්දීය වෙරළාරක්ෂක බළකාය තහවුරු කරන්නේ.

මෙම නෞකාවේ බහාලුම් 382 ක භාණ්ඩ ඩොන් 10,795 ක් ගබඩා කර ඇති අතර රටවල් කිහිපයකට අයත් පුද්ගලයන් 17 දෙනෙකු නෞකාවේ සේවය කරන බවද වාර්තා වේ.

UN




Source link