December 4, 2021

Ada Rata

All news in one location

කොළඹ වරාය නගරයට එරෙහි පෙත්සම් වැඩිදුර විභාගය කල්දමයි


පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන “කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිසම් සභා පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් 23 වැඩිදුර විභාගය සඳහා හෙටට (20) කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (19) නියම කළා.

ඒ අනුව මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ගේ ප්‍රධානත්වයෙන් , බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු, ජනක් ද සිල්වා යන මහත්වරුන් ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලුවා.

එක්සත් ජාතික පක්ෂය , ජනතා විමුක්ති පෙරමුණ හා සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් මෙම පෙත්සම් ගොනුකර තිබෙනවා.



Source link