October 17, 2021

Ada Rata

All news in one location

කොළඹ දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ටත් ෆයිසර් දෙන්න



කොළඹ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20-30 වයස් කාණ්ඩයටද ෆයිසර් එන්නත් ලබාදීමට කටයුතු කරන්නැයි පොදුජන පෙරම‍ුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා ඉල්ලා සිටිනවා.  අද පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මන්ත්‍රීවරයා මෙම ඉල්ලීම සිදු කළේය.

අධ්‍යාපනය සඳහා විදෙස්ගත වන බහුතරයක් තරුණ තරුණියන් බැවින් බොහෝ රටවල් පිළිගන්නා ෆයිසර් එන්නත අවුරුදු 20-30 වයස් කාණ්ඩය සඳහා නිර්දේශ කිරීම අතිශය වැදගත් බවද මන්ත්‍රීවරයා පවසනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ට ‍ෆයිසර් එන්නත් ලබාදීම සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වුවද එම චෝදනාවලට කිසිදු පදනමක් නොමැති බවද ඔහු සඳහන් කරනවා.

කොළඹ දිස්ත්‍රික්කය වැනි ප්‍රදේශවල අධ්‍යාපන අවස්ථා සඳහා තරුණ තරුණියන් වැඩි ප්‍රමාණයක් විදෙස්ගත වන බැවින් ඔවුන්ටද ෆයිසර් එන්නත ලබාදීම වඩාත් සුදුසු බවත්, උසස් පෙළ විභාගයේදී ඉහළම Z ස්කෝර් අගයක් සලකා බලන්නේ කොළඹ දිස්ත්‍රික්කය සඳහා බවත් දොලවත්ත මහතා පෙන්වා දෙනවා. ඒ අනුව ෆයිසර් එන්නත ලබාදීමේදී කොළඹ දිස්ත්‍රික්කය සඳහා විශේෂත්වයක් දැක්වීම සාධාරණ බවද ඔහු පවසනවා.

UN




Source link