November 29, 2021

Ada Rata

All news in one location

කොළඹට ඇතුළුවන පුද්ගලයන් ගැන සෙවීමට විශේෂ මෙහෙයුමක් 📷


අද (04) දිනයේ අත්‍යවශ්‍ය සේවා සඳහා රාජකාරී ස්ථානවලට වාර්තා කරන පිරිස් සත්‍ය වශයෙන්ම එම ස්ථානවල සිටින්නේ ද යන්න පිළිබඳව පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා.

ඒ අනුව අද දිනය තුළ විශේෂ පොලිස් කණ්ඩායම් සංස්ථා,දෙපාර්තමේන්තුව,ආයතන පරිශ්‍රයන්ට ඇතුළු වී එම ලිපි ලිපි ලේඛන අනුව සේවකයින් රාජකාරියේ නිරත වන්නේ දැයි සොයා බැලීමට නියමිතයි.

මේ සඳහා සඳහා නිලධාරී කණ්ඩායම් 6ක් අද අදාළ විමර්ශන සිදුකරනු ඇති.

මෙම සොයා බැලීම සඳහා තොරතුරු දත්ත එක්රැස් කර ගන්නේ මාර්ග බාධකයන් හිදී ලබා ගන්නා තොරතුරු මතයි.

සංචරණ සීමා බල පැවැත්වෙන මෙම කාල සීමාව තුළ දී ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් අනවශ්‍ය ගමන් සිදු කරන බවට ලැබී ඇති තොරතුරු මත මෙම මෙහෙයුම සිදුකිරීමට තීරණය කර තිබෙන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ. (colombotimes.lk)

සබැඳි පුවත



Source link