October 25, 2021

Ada Rata

All news in one location

කොස්ගොඩ තාරක පොලිස් වෙඩි පහරින් මරුට


දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ධර්මකීර්ති තාරක විජේසේකර හෙවත් කොස්ගොඩ තාරක නැමැත්තා අද අලුයම මීරිගම රේන්දපොළ ප්‍රදේශයේ ඇති ඇතිවූ පොලිස් වෙඩි හුවමාරුවකදි මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන තිබූ අතර පොලිස් නිලධාරීන්ගෙන් මිදී පළා යාමට උත්සාහ කිරීමේදී මෙම වැඩි තැබීම සිදුව ඇති බවද හෙතෙම කියයි.

සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ හෙළි වූ තොරතුරු අනුව පොලිස් නිලධාරීන් ඔහු රේන්දපොළ ප්‍රදේශයට රැගෙන යාම ගිය අවස්ථාවේ මෙය සිදු වු බවද පොලිසිය පවසයි.

මෙහි දී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ද තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇත .

මේ අතර ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය දේශබන්දු තෙන්නකෝන්ගේ “හිට් ස්කොඩ්” නම් බලකායක් ඊයේ (12) රාත්‍රියේ තාරක මරා දමන බව අනාවැකියක් තමන්ගේ වෙබ් අඩවිය මගින් පල කර තිබීම මෙම ඝාතනය ගැන පූර්ව සැලසුමක් තිබුණු බවට සැක මතුකර තිබේ.





Source link