October 19, 2021

Ada Rata

All news in one location

කොවිඩ් 19 වැළඳුනු දරුවන්ට බලපාන අවදානම් රෝගී තත්ත්වයක් හඳුනා ගනී



කොවිඩ් 19 රෝගය හා සම්බන්ධ ඉතා බරපතල තත්ත්වයක් දරුවන් සම්බන්ධයෙන් මතුව තිබෙන බවත් එම රෝගී තත්ත්වය ”Multisystem inflammatory syndrome in children”  ලෙස හඳුන්වන බවත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකය භාරව සිටින විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා සඳහන් කළේය. 

ඒ,අද (19) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
 
මෙය ඉතා අවදානම සහගත රෝගී තත්ත්වයක් වන අතර කොවිඩ් 19 වෛරසය ආසාදනය වී සති 2ත් 6ත් අතර කාලය තුළ දරුවන්ට වැළඳෙන රෝගී තත්ත්වයක් වන අතර දැනට එවැනි දරුවන් 06 ක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවන බවයි කිතුල්වත්ත මහතා පැවසුවේ.

කොවිඩ් රෝගය දරුවන්ට බරපතල සංකුලතා මතුනොකලත් මෙම නව තත්ත්වය ඉතා අවදානම් අතර දරුවන්ට සංකුලතා වැඩි බවද විශේෂඥ වෛද්‍යවරයා කියාසිටියේය. 

උණ,දැඩි ඇඟ වේදනාව,වමනය,බඩේ අමාරුව, පාචනය,ඇස් රතු වීම, හැම මතුපිට රතු ලප හෝ දද මතු වීම යන රෝග ලක්ෂණ ඇත්නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හෝ රජයේ රෝහලක් වෙත කඩිනමින් දරුවා රැගෙන යන ලෙසත් නිසි වෙලාවේදී ප්‍රතිකාර නොලැබුණහොත් මිය යාමට වුවද ඉඩ තිබෙන බවත් කිතුල්වත්ත මහතා පැවසුවේය. 

මෙය ශරීරයේ අභ්‍යන්තර අවයව රැසකට හානිදායක ලෙස බලපාන්නකි. ඒ අනුව ඇස්,හම, හෘදය,පෙනහළු,වකුගඩු,අක්මාව ආදී ඉන්ද්‍රීය රැසකට හානි කරන බව සඳහන්. 

මෙම රෝගී තත්ත්වය හදුනා ගෙන ඇත්තේ 2020 වසරේ අප්‍රේල් මාසයේදී වන අතර අවුරුදු 01ත් 20ත් අතර පසුවන අයට වැළඳෙන රෝගී තත්ත්වයක් ලෙස දැනට හඳුනා ගෙන ඇති නමුත් මෙරටින් හඳුනා ගෙන ඇත්තේ වයස අවුරුදු 08ත් 15ත් අතර වයසේ දරුවන්ට බව කිතුල්වත්ත මහතා පැවසුවේය.

මෙරටදී හඳුනාගත් රෝගී දරුවන් සියලු දෙනාටම කොවිඩ් රෝගය වැළඳී ඇති දරුවන් බවත් ඇතැම් දරුවන්ට කොවිඩ් අසාදනය වී ඇති බවට පෙර හඳුනාගෙන හෝ නොමැති අතර මෙම රෝගී තත්ත්වය ගැන පරීක්ෂා කිරීමේදී කොවිඩ් රෝගයද ආසාදනය වී ඇති බවට හඳුනා ගෙන ඇත.

මෙය ඉතා භයානක තත්ත්වයක් වන අතර ඇමරිකාව, එංගලන්තය වැනි රටවලිනුත් මෙය වාර්තා වී ඇත.  එම රටවල දරුවන් මේ රෝගී තත්ත්වය නිසා මිය ගොස්  ඇති අතර  මේ වන විට රෝගය ලංකාව තුළද හඳුනාගෙන තිබේ. 

එම නිසා දරුවන් ගැන අවදානයෙන් පසුවෙන ලෙසත් කිසියම් හෝ රෝගී තත්ත්වයක් ඇත්නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හෝ රජයේ රෝහලක් වෙත යොමුවෙන ලෙසත් කිතුල්වත්ත මහතා කියාසිටියේය. 

මෙය ඕනෑම කොවිඩ් ප්‍රභේදයකට ඇති විය හැකි රෝගී තත්ත්වයක් ලෙස ගැනෙයි. 

ASK

 




Source link