November 29, 2021

Ada Rata

All news in one location

කොවිඩ්-19 වසංගතය හමුවේ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයට ලක් වී දිවි ගලවාගත් අය සඳහා UNFPA මාර්ගගත පුහුණු පාඨමාලා ආරම්භ කරයි



කොවිඩ්-19 වසංගතය හමුවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයට ලක් වී දිවි ගලවාගත් අය සඳහා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) මාර්ගගත පුහුණු පාඨමාලා ආරම්භ කරයි

2021 නොවැම්බර් 15, ශ්‍රී ලංකාවේ කොළඹ දීථ ශ්‍රී ලංකාවේ, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA), කොළඹ පර්යේෂණ හා මනෝවිද්‍යා ආයතනය (CIRP) හා එක්ව ආරක්‍ෂිත නිවාස වල සේවය ලබාගන්නා සහ ඒවායේ නවාතැන් ගෙන සිටින ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයට ලක් වී (SGBV) දිවි ගලවාගත් අය සඳහා සවිස්තරාත්මක මාර්ගගත පුහුණු පාඨමාලාවක් මෑතකදී දියත් කරන ලදී. මෙම ආරක්‍ෂිත නිවාස පවත්වාගෙන යාම සඳහා කාන්තා කාර්යාංශය සහ සිවිල් සංවිධාන කිහිපයක් දායකත්වය ලබා දෙන අතර, මෙම නිවාස ශ්‍රී ලංකාව පුරා ප්‍රදේශ ගණනාවක පිහිටුවා ඇත.

ගෝලීය වසංගතයත් සමගම ඒ හා බැඳුනු සාක්‍ෂිවලින් අනාවරණය වන්නේ සංචරණ සීමාවන් හේතුවෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයන්ට ගොදුරු වූවන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත්, කාන්තාවන් සහ ගැහැණු ළමුන් කෙරෙහි පවතින අසමානතාවයන් තවදුරටත් උග්‍ර කරමින් ආරක්‍ෂාව සහ රැකවරණය සඳහා ඇති ඉල්ලුම වැඩිවී ඇති බවත්ය. කොවිඩ්-19 ගෝලීය වසංගතයට පෙර පවා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය, ගෝලීය වශයෙන් වඩාත් බහුලව සිදුවූ මානව හිමිකම් උල්ලංඝනයන් අතුරින් එකකි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද කාන්තා සුභසාධන සමීක්ෂණ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ කාන්තාවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුම (20.4%) සිය ජීවිත කාලය තුල තම සමීපතමයෙකු අතින් ශාරීරික සහ/හෝ ලිංගික හිංසනයට ලක්ව ඇත. ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයන් ගෙන් බේරී දිවි ගලවාගත් අයට ආරක්‍ෂක නිවාස තාවකාලික නවාතැනක් ලෙස ක්‍රියාකරන අතර, එහිදී කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට ඔවුන්ගේ ප්‍රතිසාධනය සඳහා අවශ්‍ය කායික,මානසික සහ නෛතික සේවාවන් සපයනු ලැබේ.

ශ්‍රී ලංකාවේ මෙම ආරක්‍ෂිත නිවාස තුල නවාතැන් ගෙන සිටින අයගේ වෘත්තීය පුහුණු අවශ්‍යතා පිළිබඳව සිදුකරන ලද කඩිනම් සමීක්‍ෂණයකින් පෙනීගොස් ඇත්තේ, මෙමව නිවාස තාවකාලික නවාතැන් ලෙස ක්‍රියා කළත්, නේවාසිකව සිටින බහුතරයක් නැවත සමාජගත වීමට සම්පූර්ණයෙන්ම සූදානම් වන තුරුම වැඩි කාලයක් ඒවායේ රැඳී සිටින බවයි. නවාතැන් ගෙන සිටින අයගෙන් 97%ක්ම නිපුණතා සංවර්ධනය පිළිබඳ වැඩිදුර පුහුණුවක් ලබා ගැනිමට කැමති බවත්, ඔවුන් නැවත සමාජගත වූ පසු තිරසාර ජීවනෝපායක් සකස්කර ගැනීිමට එය ප්‍රයෝජනවත් වනු ඇති බවත් සමීක්‍ෂණය මගින් වැඩිදුරටත් සොයා ගන්නා ලදී.

ඒ අනුව, ජපාන රජය මගින් අරමුදල් සපයන ලද එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල යටතේ ඇති ව්‍යාපෘතියක් වන  “ප්‍රාර්ථනා – PROMISES” ව්‍යාපෘතිය යටතේ, මෙම අවශ්‍යතාවය හඳුනා ගත් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල, කොළඹ පර්යේෂණ හා මනෝවිද්‍යා ආයතනයට (CIRP) නිපුණතා සංවර්ධනය සහ පුහුණුව සඳහා මාර්ගගත පුහුණු පාඨමාලාව සකස් කරන ලදී.
 
මේ පිළිබඳව අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙහි ශ්‍රී ලංකා නියෝජිත නච්චා සුරේන් මෙසේ පැවසුවාය:  ර්‍ණකාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට එරෙහි හිංසනය අවසන් කිරීම එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ එක් ප්‍රමුඛතාවයක්. කාන්තාවකට හෝ ගැහැණු ළමුන්ට එරෙහි ඕනෑම ආකාරයක හිංසනයක් එම පුද්ගලයාට පමණක් නොව මුළු පවුලටම සහ සමස්ත සමාජයටම බරපතල බලපෑමක් සිදු කිරීමට හැකි කරුණක් වේ. අපගේ සහයෝගය තුලින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයන්ට ගොදුරුවී දිවි ගලවාගත් කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට මෙම පුහුණු පාඨමාලාව මගින් ඔවුන්ගේ ජීවිත යථා තත්වයට පත් කරගැනීමට සහ නැවත ගොඩනගා ගැනීමට අවස්ථාව ලැබීම ගැන මම සතුටු වෙනවා”

මෙම පුහුණු පාඨමාලාව අගය කරමින් කාන්තා කාර්යාංශයේ අධ්‍යක්‍ෂිකා චම්පා උපසේන මහත්මිය මෙසේ සඳහන් කළාය:  ර්‍ණකාන්තා කාර්යාංශය යටතේ ක්‍රියාත්මක වන ආරක්‍ෂිත නිවාස වැඩපිළිවෙල යටතේ සෑම විටම උත්සාහ කරනු ලබන්නේ කාන්තාවන් යථා තත්වයට පත් කරවීමට පමණක් නොව ආර්ථික හා සමාජීය වශයෙන් සුවපත් කරමින් කාන්තාවන් සවිබල ගැන්වීමටය. මෙම මාර්ගගත පුහුණු පාඨමාලාවල ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයන් ගෙන් බේරී දිවි ගලවාගත් අයට අවශ්‍ය දැනුම සහ කුසලතාවය ලබා දෙනු ඇතැයි මම විශ්වාස කරමි.”

මෙම මාර්ගගත පුහුණු පාඨමාලාව මගින්, මුල්‍ය කළමනාකරණය සහ ව්‍යාපාර මෙහෙයුම් සඳහා මෘදුකාංග භාවිතය ආදී ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වා ගෙන යාමට අවශ්‍ය මූලික දැනුම සහ කුසලතාවයන් ඉගෙන ගැනීමේ හැකියාව ලැබෙන ආකාරයටයිග මෙම පාඨමාලාවල සකස් කර ඇත්තේ ආරක්‍ෂිත නිවාස තුල නේවාසිකව සිටින පුද්ගලයින්ට ඔවුන්ගේ වෘත්තීය ජීවිත ආරම්භ කිරීමට අත්‍යාවශ්‍ය ව්‍යාපාරික කුසලතා සහ දැනුම ලබාදීමට මෙන්ම ඔවුන්ට මුල්‍යමය සහ චින්තනමය ස්වාධීනත්වය ලබා දීම සඳහාය.

කොළඹ පර්යේෂණ හා මනෝවිද්‍යා ආයතනයේ (CIRP) ව්‍යාපෘති නායක චතුර කොටගම මහතා කතා කරමින පවසා සිටියේ,  ර්‍ණමෙම ව්‍යාපෘතිය සඳහා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සමඟ කටයුතු කිරීමට අවස්ථාව ලැබීම කොළඹ පර්යේෂණ හා මනෝවිද්‍යා ආයතනය ලද වරප්‍රසාදයක් ලෙස සළකන අතර, ල ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයන්ට ගොදුරුවී දිවි ගලවාගත් අයට අනුග්‍රහය දැක්වීම සඳහා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සහ ජපාන රජය ලබාදෙන සහයෝගය අපි අගය කරන්නෙමු.




Source link