December 4, 2021

Ada Rata

All news in one location

කොවිඩ් සමයේ ලැබෙන වැටුප ගැන වෘත්තීය සමිති වලින් කම්කරු අමාත්‍යාවරයාට ලිපියක්


කොරෝනා වසංගතය හමුවේ පෞද්ගලික අංශයේ සේවයේ නියුතු සේවකයින් මේ වන විට මුහුණ දී තිබෙන ගැටලූ පිළිබඳ දැනුවත් කිරීම සඳහා ලංකා බැංකු සේවක සංගමය, කම්කරු අරගල මධ්‍යස්ථානය, පුද්ගලික සේවක මධ්‍යස්ථාන ඇතුළු වෘත්තීය සමිති 18ක් එක්ව විෂය,භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට ලිපියක් යොමු කර තිබෙනවා.

මෙම ලිපියට අනුව වැටුපෙන් අඩක් ගෙවීම සම්බන්ධයෙන් අවසර ලබාදීමේ තීන්දුව වහාම නිවැරදි කරන ලෙසත්, සෞඛ්‍ය ආරක්ෂිත භාවයකින් තොරව පවත්වාගෙන යන රැකියා ආයතන වලට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා තිබුනා.

ඊට අමතරව රජය විසින් යොදා තිබෙන සංචරණ සීමා කාලසීමාවේදී පුද්ගලික අංශයේ රැකියාවල යෙදෙන සේවකයින් වෙනුවෙන් පූර්ණ වැටුප් සහිතව නිවාඩු ලබා දෙන ලෙස මෙන්ම එන්නත්කරණය සම්බන්ධව පෞද්ගලික අංශයේ සේවකයන් කෙරෙහි ද විශේෂ කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කිරීම සුදුසු බව ද මෙහි වැඩි දුරටත් සඳහන්ව තිබුණා.(Colombotimes.lk)



Source link