October 28, 2021

Ada Rata

All news in one location

කොවිඩ් ව්‍යාප්ත වීමට ඉඩ හැරි අය ගැන හොයන්න SJB රජයකින් ජනාධිපති කොමිසමක් පත් කළ යුතුයි



වගකීම් විරහිත ලෙස හැසිරෙමින් රට තුළ කොවිඩ් ව්‍යාප්තිය ඇති කළ අය ගැන සෙවීමට 2024ණ් පසු බලයට එන සමඟි ජන බලවේගයේ රජයක් යටතේ ජනාධිපති විමර්ශන කොමිසමක් පත්කළ යුතුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා පැවසුවේය.

ඒ,අද (19) විපක්ෂ නායක කාර්යලයේදී  පැවති මාධ්‍ය හමුවේදීය. 

මේ වන විට කොවිඩ් මරණ අනුපාතය ගත විට ජනගහනයට සාපේක්ෂව ඉන්දියාවටත් වැඩ ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ අනුපාතය වැඩි වී තිබෙන බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ. 

”පසුගිය සතියේ මිලියනයකට සිදු වුණු කොවිඩ් මරණ අනුපාතය ලංකාවේ 2.39යි. ඒ වගේම ඔබ දන්නවා ඉන්දියාවේ පසුගිය සතියේ මිලියනයකට සිදු වුණු කොවිඩ් මරණ සංඛ්‍යාව 2.38යි. ඒ කියන්නේ ලංකාවේ මේ වන විට කොවිඩ් මරණ ප්‍රතිශතය ඉන්දියාවෙත් ලංකාවෙත් ජනගහණයත් එක්ක බැලුවහම වැඩි වීමක් තියෙනවා ලංකාවේ. ඒ වගේම එක්සත් රාජධානියේ මිලියනයකට සිදුවන කොවිඩ් මරණ අනුපාතය ගත්තොත් 0.13යි. නවසීලන්තයේ 0.00යි. මාසෙක කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ගත්තත් මේ රටවල් අතරින් ලංකාව ඉහළම ස්ථානයකට ඇවිල්ලා තියෙනවා. අපි රටක් හැටියට  දුක් වෙන්නට අවශ්‍යයි මේ වෙලා තියෙන අකරතැබ්බත් එක්ක. සමහර වෙලාවට මිනිස්සු කතා කරනවා මේ අය කොවිඩ් ගෙන්න ගත්තද රටට කියල. වගකීම් විරහිතව වැඩ කරපු,වගකීම් අතහැරපු මේ තත්ත්වයට රට පත් කරපු අය පිළිබඳව සොයන්න ජනාධිපති විමර්ශන කොමිසමක් පත්කරන්නට අවශ්‍යයි 2024න්  පස්සේ බිහිවෙන සමඟි ජන බලවේගයේ රජයක් තුළ කියල මම පෞද්ගලිකව විශ්වාස කරනවා.”

මේ අතර කොවිඩ් දත්ත හරිහැටි වාර්තා වීම ගැනද සැකයක් පවතින බවයි මන්ත්‍රීවරයා පැවසුවේ. 

සංචරණ සීමාද ක්‍රියාත්මක වන්නේ වචනවලට පමණක් වන අතර පාරට පැමිණ බලන විට සංචරණ සීමා ක්‍රියාත්මක වන අයුරු බලාගත හැකි බවද ඔහු සඳහන් කළේය. 

අවසානයේදී මේ රැවටීමෙන් වන්දි ගෙවන්නට වෙන්නේ ද රටේ ජනතාවටම බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී. 

ASK  




Source link