November 27, 2021

Ada Rata

All news in one location

කොවිඩ් මර්දන කරලට මෙරටදී අනුමැතියක්


කොවිඩ් මර්දනය සඳහා හඳුන්වා දී ඇති කරල් සඳහා ඖෂධ පිළිබඳ තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

අද (15) කොවිඩ් -19 පිළිබඳ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් වෛද්‍යවරයා එම අදහස් පළ කළා.

කොවිඩ් මර්දනය සඳහා ම(ර්)ක් සමාගම හඳුන්වාදී ඇති මොල්නුපිරවියා (molnupiravir) නැමති ඖෂධ කරල මෙරට භාවිතය සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පසුගිය දා පැවසුවා.

මෙම ඖෂධ කරල මේ වනවිට පරීක්ෂණ මට්ටමේ පවතින නමුත් විශේෂඥයින් පවසන්නේ එහි මූලික ප්‍රතිඵල සාර්ථක බවයි.

එහි නිවැරදි මාත්‍රාව ලබාදුන් විට කොවිඩ් වැළඳී ඇති බවට හඳුනාගත් පුද්ගලයින්ව රෝහල්ගත කිරීම සහ මරණ අඩකින් පමණ අඩුකර ගත හැකි බව සඳහන් වනවා.

එහිදී සිදුවන්නේ මෙම ඖෂධය මිනිස් සෛල තුළදී කොවිඩ් වෛරසය අනුකරණය කරමින් වෛරසය විනාශ කිරීමයි.

මෙම ඖෂධ කරල සාර්ථක වුවහොත් කොවිඩ් වලට එරෙහි සටන සාර්ථක කරගත හැකි බවයි වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ.

ඔස්ට්‍රේලියාව, දකුණු කොරියාව සහ මැලේසියාව ඇතුළු රටවල් රැසක් මේ වනවිට එම ඖෂධ කරල සඳහා ඇණවුම් ලබාදී ඇති බවයි ම(ර්)ක් සමාගම පැවසුවේ.
(colombotimes.lk)

Viber

The post කොවිඩ් මර්දන කරලට මෙරටදී අනුමැතියක් appeared first on Colombo Times.



Source link