October 19, 2021

Ada Rata

All news in one location

කොවිඩ් මර්දනය වෙනුවෙන් මෙතෙක් වැය වූ මුදල ගණනය කරයි


2020 වසරේ සිට මේ දක්වා කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා රුපියල් බිලියන 262ක මුදලක් වියදම් වී ඇති බව මුදල් අමාත්‍යාංශය අද ප්‍රකාශ කළා.

ඒ, මුදල් අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී.

අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත් වූ අතර පසුගිය වසර අවසාන වනවිට රුපියල් බිලියන117ක් ද 2021 වර්ෂයේ මේ දක්වා තවත් රුපියල් බිලියන 53 ක් ද වැය වී ඇති බව අනාවරණය කළා.(colombotimes.lk)



Source link