October 28, 2021

Ada Rata

All news in one location

කොවිඩ් පාලනයට රාජ්‍ය ඇමතිනී මෙරට ධනවතුන්ගෙන් සහය ඉල්ලයි


රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් මෙරට ධනවතුන්ගෙන් ඉල්ලීමක් කරනවා.

ඒ, කොවිඩ් රෝගීන් සඳහා රෝහල්වලට අවශ්‍ය පහසුකම් සැපයීමට සහයෝගය ලබාදෙන ලෙසයි.

අමාත්‍යවරිය පවසන්නේ රෝගී සත්කාර සේවා අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා රෝහල්වල අඩුපාඩු පවතින බවයි.

“අපි පුරෝකථනය කරලා තිබුණා මේ අලුත් තත්ත්වයත් එක්ක එන මරණ සංඛ්‍යාව වැඩි වෙයි කියලා. අපේ රටේ ධානපතියන්ගෙන් අපි ඉල්ලනවා මේ වැඩපිළිවෙලට අවශ්‍ය සහයෝගය ලබාදෙන්න කියලා. මොකද රෝහල් පද්ධතියට ඔක්සිජන් සපයගන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඒ වගේම ICU ධාරිතාව වැඩි කරද්දි ඇතිවෙන උපකරණවල අවශ්‍යතා තිබෙනවා. ඒ නිසා අපි ධානපතියන්ගෙන් ඉල්ලන්නේ තමුන්ගේ ප්‍රදේශවල රෝහල් සමඟ එකතුවෙලා ඒ අවශ්‍ය කරන උපකරණ සඳහා පුංචි හෝ ආධාරයක් කරන ලෙසයි.”



Source link