October 17, 2021

Ada Rata

All news in one location

කොවිඩ් පාලනයට භාවිතා කරන ඖෂධ නිපදවීමට ගන්නා අමුද්‍රව්‍ය වල මිල ඉහළට


කොවිඩ් පාලනයට භාවිතා කරන ඖෂධ නිපදවීමට භාවිත කරන අමුද්‍රව්‍යවල මිල සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දියාවේ ඖෂධ නිෂ්පාදකයන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ චීනයෙන් ආනයනය කරන අමුද්‍රව්‍ය රැසක මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව පැරසිටමෝල් සහ ඇසිත්‍රෝමයිසීන් නිපදවීම සඳහා චීනයෙන් ගෙන්වන අමුද්‍රව්‍යවල මිල සියයට 30ත්, 40ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම ඖෂධ නිපදවීමට භාවිත කරන චීනයෙන් ආනයනය කරන අයිවර්මෙක්ටින් හි මිල සියයට 300කින් පමණ ඉහළ ගොස් ඇති බව ද ඉන්දීය ඖෂධ නිෂ්පාදකයින් පවසනවා. (Colombo Times)



Source link