October 28, 2021

Ada Rata

All news in one location

කොවිඩ් නොවන හේතු මත මියයන පුද්ගලයින්ගේ අවසන් කටයුතු සිදු කිරීම ගැන නිවේදනයක්


කොවිඩ් නොවන හේතු මත මියයන පුද්ගලයින්ගේ අවසන් කටයුතු පැය 24ක් ඇතුළත කිරීමට අනුමැතිය දීමට ජනපති උපදෙස් දී තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ රැස්වූ අවස්ථාවේ ජනාපතිවරයා මෙම උපදෙස් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

කොවිඩ් නොවන මරණ PCR පරීක්ෂණයට ලක්කිරීමෙන්, අවසන් කටයුතු කිරීමට සිදුවන ප්‍රමාදය පිළිබඳව බොහෝ දෙනාගෙන් චෝදනා එල්ල වී ඇතැයි, එහිදී ප්‍රකාශ වි තිබෙනවා.

ඒ අනුව මියගිය අයගේ පවුල්වල පිරිස් මුහුණ දෙන ආර්ථික සහ අනෙකුත් දැඩි අපහසුතා සැලකිල්ලට ගෙන කොවිඩි නොවන හේතූන් මත මියයන පුද්ගලයින්ගේ අවසන් කටයුතු පැය 24 ක් ඇතුළත සිදු කිරීමට අනුමැතිය දීමට ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා. (colombotimes.lk)



Source link