October 26, 2021

Ada Rata

All news in one location

කොවිඩ් එන්නත ලබා ගත්තොත් කුකුලෙක් තෑගී


ඉන්දුනීසියාවේ වැඩිහිටියන් එන්නත් ලබාගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔවුන්ව ඊට පෙළඹවීම සඳහා එන්නත් ලබා ගන්නා අයට කුකුලෙකු ලබාදීමට එරට ප්‍රාදේශීය බලධාරීන් කටයුතු කරමින් සිටින බවට වාර්තාවනවා.

බටහිර ජාවා ප්‍රාන්තයේ සින්ජූර් ප්‍රදේශයේ අවුරුදු 45 ට වැඩි පුද්ගලයින් එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ.

මෙම වැඩසටහන දියත් කිරීමට පෙර පුද්ගලයින් 200 ක් අතුරින් 25 දෙනෙකු පමණක් එන්නත ලබාගැනීමට එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත පැමිණි නමුත් මේ වනවිට දිනකට පුද්ගලයින් 250 ක් පමණ කුකුළා ලබාගැනීමේ අපේක්ෂාවෙන් එන්නත්කරණය සඳහා පැමිණෙන බව එම වාර්තාවල සඳහන්.



Source link