December 4, 2021

Ada Rata

All news in one location

කොවිඩ් එන්නත ලබාදුන් පුද්ගලයින් තිදෙනෙකු සංකුලතා නිසා මියගියා – සෞඛ්‍ය ඇමතිනිය (VIDEO)


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කර සිටියා.

එමෙන්ම ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාදීමෙන් මෙරට ද පුද්ගලයින් 06 දෙනෙකු රුධිරය කැට ගැසීමේ සිදුවීම් වාර්තා වූ බවයි ඇය සඳහන් කළේ.

එමෙන්ම මේ දක්වා කොවිඩ් එන්නත ලබාදීමෙන් රුධිර කැට ගැසීමේ ප්‍රවනතාවය සම්බන්ධයෙන් මේ දක්වා පැහැදිලි සාක්ෂියක් හෙළිවී නොමැති බවයි සෞඛය අමාත්‍යවරිය සඳහන් කළේ.

මෙරට කොවිඩ් එන්නත ලබාදීමෙන් පසු යම් පුද්ගලයෙකුට සංකුලතාවයක් ඇතිවුවහොත් ඒ සම්බන්ධයෙන් දැනුම් දීමට 0113-415985 යන අංකය යටතේ පැය 24 පුරාම ක්‍රියාත්මක විශේෂ දුරකථන අංකයක් ලබාදී ඇති බවත් ඊට අමතරව කොළඹ ජාතික රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයක්ද ක්‍රියාත්මක වන බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කර සිටියේ.



Source link