October 25, 2021

Ada Rata

All news in one location

කොවිඩ් එන්නත් මාත්‍රා මිශ්‍ර කර ලබාදීමට තවත් රටක් තීරණය කරයි


කොවිඩ් එන්නත් මාත්‍රා මිශ්‍ර කර ලබාදීමට, දකුණු කොරියාව තීරණය කර තිබෙනවා.

ඒ, ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදුන් පුද්ගලයින් 7 ලක්ෂ 60000 ක් වෙනුවෙන්.

කැනඩාව, ස්පාඤ්ඤය ඇතුලු රටවල් කිහිපයක් මේ වන විටත් එන්නත් මිශ්‍ර කර ලබාදීම ආරම්භ කර තිබෙනවා.

ඒ අනූව ඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර් එන්නත් මිශ්‍ර කර අදාළ පුද්ගලයින්ට දෙවැනි මාත්‍රාව ලෙස ලබාදෙනු ඇති.

සෞඛ්‍ය සේවකයින් සියදෙනෙකු යොදා ගනිමින් ඊට අදාළ අත්හදා බැලීම සිදුකළ බව, එරට රෝග පාලන හා නිවාරණ ඒජන්සිය පවසනවා.

දකුණු කොරියාව එලෙස එන්නත් මිශ්‍ර කර ලබාදීමට තීරණය කර ඇත්තේ, ඇස්ට්‍රාසෙනෙකා එන්නත් හිඟය හේතුවෙන්.

මිලියන 52 ක් පමණ වන දකුණු කොරියානු ජනගහනයෙන් 27% ක ඉක්මවූ පිරිසකට මේ වන විට එන්නත් මාත්‍රාවක් හෝ ලබාදී තිබෙනවා.

සැප්තැම්බර් මාසය වන විට 70% කට එන්නත් ලබාදීම එරට රජයේ අරමුණයි.

දකුණු කොරියාව එරට වැසියන්ට ලබාදෙන්නේ, ඇස්ට්‍රාසෙනෙකා, ෆයිසර් මෙන්ම ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන එන්නත් පමණක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. (colombotimes.lk)



Source link