October 28, 2021

Ada Rata

All news in one location

කොවිඩ් එන්නත්කරණය කාර්යක්ෂම කිරීමට ඩිජිටල් හැඳුනුම්පතක් නිකුත් කිරීමට සැරසෙයි


ජනතාව සඳහා නව තාක්ෂණයෙන් යුත් ඩිජිටල් හැඳුනුම්පතක් නිකුත් කිරීමට කටයුතු කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු කාර්යක්ෂම කිරීමේ අරමුණින්.

එමඟින් එන්නත් කිරීම පිළිබඳ තොරතුරු ඇතුළත් නව ඩිජිටල් හැඳුනුම්පත සඳහා එක් එක් පුද්ගලයින්ට කොවිඩ් එන්නත නිකුත් කළ දිනය, ස්ථානය, එන්නත් වර්ගය සහ දෙවන මාත්‍රාව ලබාදිය යුතු දිනය ආදි තොරතුරු රැසක් අන්තර්ගත කෙරෙන බව අමාත්‍යවරයා කියා සිටියේ.

එමෙන්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන නියෝජිත ආයතනය සමඟ එක්ව එම වැඩපිළිවෙල සකස් කරන බවයි.



Source link