December 4, 2021

Ada Rata

All news in one location

කොවිඩ් ආසාදිත ළමුන්ගේ සුළු වැඩිවීමක්


කොවිඩ් ආසාදනය වී රෝහල්ගත වන ළමුන්ගේ සුළු වැඩිවීමක් ඇතිව තිබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා.

මෙම තත්ත්වය වළක්වා ගැනීමට වැඩිහිටියන් ඉතා වගකීමෙන් කටයුතු කළ යුතු බවයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ ජී.විජේසූරිය මහතා සඳහන් කළේ.

මේ අතර කොවිඩ් මර්දන ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මේ දක්වා මෙරටදී පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇති මුලු සංඛ්‍යාව 13,682,459 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ (16) දිනයේදී තවත් පුද්ගලයින් 6,749 දෙනෙකුට දෙවන මාත්‍රාවද 10,694 දෙනෙකුට පළමු මාත්‍රාවද දී ඇති බවයි දෛනික එන්නත්කරණ දත්ත වාර්තාවේ දැක්වෙන්නේ.

කොවිඩ් එන්නතේ බූස්ටර් මාත්‍රාව හෙවත් තුන්වන මාත්‍රාව ඊයේ දිනයේදී පුද්ගලයින් 6,560 දෙනෙකුට එන්නත් කර ඇති අතර ඒ අනුව මේ දක්වා තුන්වන මාත්‍රාව ගෙන ඇති මුලු පුද්ගලයින් සංඛ්‍යාව 128,811 දක්වා ඉහළ යනු ඇති.

මේ දක්වා මෙරටදී භාවිතයට ගෙන ඇති මුලු එන්නත් මාත්‍රා සංඛ්‍යාව 23,682,459ක්.
(colombotimes.lk)

Viber



Source link