October 25, 2021

Ada Rata

All news in one location

කොවිඩ් ආසාදිත පුද්ගලයින් ගැන සෞඛ්‍ය අමාත්‍යංශය ගත් අළුත්ම තීරණය


කොවිඩ් ආසාදිත පුද්ගලයින් ඔවුන් පදිංචි ප්‍රදේශයට ආසන්නතම ප්‍රතිකාර මධ්‍යස්ථාන හා අතරමැදි මධ්‍යස්ථාන වෙත යොමුකර ප්‍රතිකාර ලබාදීමට තීරණය කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යංශය‌ මෙම තීරණයට එළැඹ ඇත්තේ, කොවිඩ් මර්දන වැඩපිළිවෙළ පිළිබඳ ක්ෂණික තීරණ ගැනීම සඳහා වූ COVID – 19 විශේෂ ක්‍රියාකාරී කාර්ය සාධන කමිටුව අද (17) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදීයි.

යම් පුද්ගලයෙකු ආසාදිතයෙකු වු විට ඔහුට සහ ඔහුගේ පවුල්වලට බලපාන දැඩි මානසික පීඩනය පිළිබඳව අවධානය යොමු කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් මෙම තීරණය ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

විශේෂ ක්‍රියාකාරී කාර්ය සාධන කමිටුවේදී එළැඹි අනෙකුත් තීරණ පහත පරිදි වනවා.

  • රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන විසින් ඉදි කරමින් යනු ලබන ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දීම.
  • එම ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කඩිනමින් ලබා දීම.
  • වැඩි සෞඛ්‍ය කාර්ය මණ්ඩල සිටින රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථානවලින් මෙම ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත කාර්ය මණ්ඩල යොමු කිරීම
  • එමෙන්ම දෙවන එන්නත් මාත්‍රාව ලබා දීමට අවශ්‍ය එන්නත් තොග ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කඩිනම් කිරීමට රාජ්‍ය ඖෂධ සංස්ථාවට උපදෙස් ලබා දීම
  • PCR පරීක්ෂණවලට සමගාමීව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වැඩි වශයෙන් ක්ෂේත්‍රයේදී සිදු කිරීම

(colombotimes.lk)



Source link