October 18, 2021

Ada Rata

All news in one location

කොවිඩ් ආසාදිතව මෙරට සිදුවූ සිව්වන ගැබිණි කාන්තා මරණයත් වාර්තා වෙයි


කොවිඩ් ආසාදිතව මෙරට සිදුවූ සිව්වන ගැබිණි කාන්තා මරණය ඊයේ (15) වාර්තා වී තිබෙනවා.

එලෙස මියගොස් තිබුණේ තිස්සමහාරාම යායගොඩ පදිංචි වයස අවුරුදු 35ක ගැබිණි කාන්තාවක්.

ඒ සමග ඇයගේ මාස 8ක් වන බිළිඳිය ද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.

අප්‍රේල් 29 වනදා මහරගම ප්‍රදේශයේ පැවැති දැරියකගේ සාදයකට මෙම ගැබිණි කාන්තාව ඇතුළු පවුලේ 12 දෙනෙකු පමණ සහභාගී වී තිබෙනවා.

ඉන් පසු ඊට සහභාගී වූ මහරගම පදිංචි 17 දෙනෙකු ආසාදිතයින් ලෙසට හඳුනාගෙන තිබෙනවා.

අනතුරුව මෙම ගැබිණි කාන්තාවටත් පසුගිය 05 වනදා උණ සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇති වී තිබෙන අතර දෙබරවැව රෝහලට ඇතුළත් වී එහිදී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී ඇය සහ සැමියා ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.

ඉන් අනතුරුව ගැබිණි මව මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලටත්, සැමියා අම්බලන්තොට රෝහලටත් ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා.

එහි ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදී ගැබිණි කාන්තාව සහ මෙළොව එළිය නොදුටු ඇයගේ බිළිඳිය අවාසනාවත්ත ලෙස මියගොස් තිබුණා. (colombotimes.lk)



Source link