October 17, 2021

Ada Rata

All news in one location

කොවිඩ් ආසාදිතව මිය ගිය දෙවන ගැබිණි මරණය ගාල්ලෙන් වාර්තා වෙයි


කොවිඩ් වෛරසය ආසාදිතව ගාල්ල, කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ගැබිණි මවක් මියගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ තහවුරු කර සිටිනවා.

ඒ අනුව කොවිඩ් ආසාදිතව මියගිය දෙවන ගැබිණි කාන්තා මරණය ලෙසයි මෙය සැලකෙන්නේ.

එලෙස කොවිඩ් ආසාදනය වී මියගොස් ඇත්තේ, මාස 5ක ගර්භණී කාන්තාවක්.

නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය මුදල් කළමණාකරු ලෙස කටයුතු කළ ඇය මිය යනවිට 44 විය පසුවුණා.

ඇය අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකාරියක්.



Source link