October 25, 2021

Ada Rata

All news in one location

කොවිඩ් ආසාදිතයින් 2624ක් සහ මරණ 26ක් වාර්තා වෙයි : මරණ අතර තෙමස් බිලිඳෙක්


ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 2,624 දෙනාගෙන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී ආසාදිතයින් 551ක් දෙනෙකු වාර්තා වී තිබෙනවා. දිවුලපිටිය 120ක්, මිනුවන්ගොඩ 51ක්, සීදුව 63ක්, ගම්පහ 44ක්, කටාන 58ක්, මීගමුව 24ක්, කිරිඳිවෙලා 20ක් සහ පල්ලෙවෙල 19ක් ලෙස ආසාදිතයින් ලෙස වාර්තා වී ඇත.

කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී ආසාදිතයින් 362 දෙනෙකු වාර්තා වී ඇත. පානදුර – දකුණ 67ක්, මීගහතැන්න 62ක්, බුලත්සිංහල 43ක්, අගලවත්ත 20ක්, හොරණ 21ක්, පානදුර 27ක්, කළුතර 28ක්, මතුගම 31ක්, වැලිපැන්න 13ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී ආසාදිතයින් 321ක් දෙනෙකු වාර්තා වී තිබෙනවා. පිළියන්දල 50ක්, තලංගම 35ක්, මොරටුව 30ක්, කොට්ටාව 27ක්, හෝමාගම 18ක්, කොළඹ නගර සභා බල සිමාවේ 32ක්, අවිස්සාවේල්ල සහ හෝමාගම ප්‍රදේශ වලින් ආසාදිතයා 18 දෙනා බැගින් වාර්තා වී තිබෙනවා.

මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 184 දෙනෙකු වාර්තා වී ඇත. නුවරඑළිය 102ක්, කොටගල ප්‍රදේශයෙන් ආසාදිතයින් 65ක් දෙනෙකු ද ඊට අයත්.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී ආසාදිතයින් 177 දෙනෙකු වාර්තා වී තිබෙනවා. පන්නල 38ක්, නාරම්මල 35ක්, නිකවැරටිය 22ක්, හෙට්ටිපොල 24ක් සහ කොබෙයිගනේ ප්‍රදේශයෙන් ආසාදිතයින් 12ක් වාර්තා වී ඇත.

මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී ආසාදිතයින් 170 දෙනෙකු වාර්තා වී ඇත. අම්බලංගොඩ 43ක්, ඇල්පිටිය 15ක්, ගාල්ල 24ක්, හබරාදුව 22ක් සහ හික්කඩුව 16ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 128 දෙනෙකු වාර්තා වී තිබෙනවා. පැල්මඩුල්ල 39ක්, රක්වාන 26ක්, ඇහැලියගොඩ 18ක් සහ කලවාන ප්‍රදේශයෙන් ආසාදිතයින් 27ක් වාර්තා වී තිබේ.

යාපනය දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී ආසාදිතයින් 109 දෙනෙකු වාර්තා වී තිබෙන අතර ඉන් 72ක් යාපනය ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.

මේ අතර මාතර 19ක්, කෑගල්ල 39ක්, බදුල්ල 23ක්, අම්පාර 13ක්, අනුරාධපුර 83ක්, ත්‍රිකුණාමලය 36ක්, මුලතිව් 01, මහනුවර 50ක්, පුත්තලම 46ක්, මාතලේ 26ක්, කිලිනොච්චි 22ක්, පොළොන්නරුව 54ක්, හම්බන්තොට 41ක්, මොණරාගල 92ක්, මඩකලපුව 26ක් සහ විදේශ ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් 51ක් දෙනෙකු ආසාදිතයින් ලෙස වාර්තා වී තිබේ.

මේ අතර ඊයේ දිනයේදී කොරෝනා මරණ 26 ක් මෙරටින් වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 827 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දිනක් තුළ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වූයේද ඊයේ දිනයේයි.

එලෙස මියගිය පිරිස අතර  වත්තේගම ප්‍රදේශයේ  මාස තුනක් වයසැති බිළිදියෙකුද වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ. මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම බිළිදිය මියගොස් ඇත්තේ කොවිඩ් නියුමෝනියාව සහ බහු ඉන්ද්‍රීය අක්‍රීයවීම හේතුවෙන්. ඊයේ වාර්තා වූ කොරෝනා මරණ අතරට පිරිමි පුද්ගලයින් 14 ක් සහ කාන්තාවන් 11 දෙනෙකු අයත් බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළා.



Source link