November 27, 2021

Ada Rata

All news in one location

කොවිඩ් ආසාදිතයන් සියයට 20 කින් වැඩිවෙලා



පසුගිය දින කිහිපය තුළ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 15%-20% අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් 19 සම්බන්ධීකාරක, තාක්ෂණ සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසනවා. තවදුරටත් ආසාදිතයන් ප්‍රමාණය ඉහළ යාමේ අවදානමක් මතුව ඇති බව පෙන්වා දෙන හම්දානි මහතා පවසන්නේ ජනතාව දැඩි වගකීමෙන් යුක්තව කටයුතු කළයුතු බවයි.

මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයන් ප්‍රමාණය 7010 ක් වන අතර රෝගීන් 105 ක් ඔක්සිජන් මත යැපෙන බවයි වෛද්‍යවරයා සඳහන් කරන්නේ. රෝගීන් 55 ක් දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටී.

තෙවැනි කොවිඩ් රැල්ල අවස්ථාවේදී ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව 1038 ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර ඊට සාපේක්ෂව දැනට සිටින රෝගීන් ප්‍රමාණය ඉතා අවම වන නමුත් එම රෝගීන් ප්‍රමාණය ඉහළ යමින් තිබෙන බවද හම්දානි මහතා පවසනවා.

ශ්වසන අපහසුතා ඇතුළු බරපතල තත්වයේ රෝගීන් අවමවීම සඳහා එන්නත්කරණය ප්‍රධාන හේතුවක් බව පෙන්වා දෙන අන්වර් හම්දානි මහතා ඉල්ලා සිටින්නේ තවදුරටත් පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයන් සිටින්නේ නම් හැකි ඉක්මනින් එන්නත්කරණය සඳහා යොමුවන ලෙසයි.

UN




Source link