October 19, 2021

Ada Rata

All news in one location

කොවිඩ් අවදානමෙන් ලංකාවම යළිත් රතු වෙයි


මේ වන වි​ට මෙර​ට කොවිඩ් රෝගීන්​ගේ ව්‍යාප්ති​ය දැක්වෙන අවදානම් කළා සිතියම වසංගත රෝග විද්‍යා අංශය විසින් යාවත්කලීන කර තිබෙනවා.

අධි අවදානම් කාණ්ඩයට ඇතුළත් කරමින්ආ දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ බොහොමයක් රතු පැහැයෙන් වර්ණ ගන්වා තිබෙනවා.

ආසාදිතයින් 100 ඉක්මවා වාර්තා වී තිබෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ මෙ​සේ රතු පැහැයෙන් වර්ණ ගන්වා තිබෙන බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.

අවදානම අඩු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ කොළ පැහැයෙන් වර්ණ ගන්වා ඇති අතර, එම පැහැයෙන් යුත් කොට්ඨාශ ගණන 25ක් පමණ වනවා.

එකඳු කොවිඩ් ආසාදිතයෙකු ​හෝ වාර්තා වී නොමැති ප්‍රදේශ කහ පැහැයෙන් වර්ණ ගන්වා ඇති අතර මාන්තෙයි උතුර සහ වැලිඔය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ දෙ​ක පමණක් එළෙස දක්වා තිබෙනවා.

එම අවදානම් කළාප සිතියම පහතින්. (colombotimes.lk)

The post කොවිඩ් අවදානමෙන් ලංකාවම යළිත් රතු වෙයි appeared first on Colombo Times.



Source link