January 20, 2022

Ada Rata

All news in one location

කොරෝනා හදවතට සහ මොළයට පැතිර යාමේ අවදානමක්


කොරෝනා වයිරසය ආසාදනය වී දින කිහිපයක් ඇතුළත එය හදවතට සහ මොළයට පැතිර යාමේ අවදානමක් පවතින බවත් ඉන්ද්‍රියයන් තුළ මාස ගණනක් වයිරසය පැවතිය හැකි බවත් ඇමරිකාවේ ජාතික සෞඛ්‍ය ආයතන විද්‍යාඥයන් පිරිසක් විසින් සිදු කරන ලද නව අධ්‍යයනයකට අනුව හෙළි වී ඇති බව වෙබ් එම්.ඩී. විදෙස් පුවත් සේවය අනාවරණය කරනවා.

දිගුකාලීන කොවිඩ් රෝගීන් තුළ දක්නට ලැබෙන විවිධ රෝග ලක්ෂණවලට එය බලපෑ හැකි බවද හෙළි වී ඇති අතර ශරීරයේ සියලුම ඉන්ද්‍රියයන්ට ද පැතිරීමේ අවදානමක් පවතින බවයි එයින් පෙන්වා දී ඇත්තේ.

වයිරසය මිනිස් සෛල තුළ ප්‍රතිවර්තනය වන ආකාරය සහ මිනිස් සිරුර තුළ පවතින ආකාරය පිළිබඳව සිදුකළ වඩාත් පුළුල් සමාලෝචනයක් ලෙස මෙම අධ්‍යයනය සැලකෙනවා.

ඇමරිකාවේ ජාතික සෞඛ්‍ය ආයතන පර්‌යේෂකයන් විසින් වසංගතයේ පළමු වසර තුළ මියගිය කොවිඩ් රෝගීන් 44 දෙනෙකුගේ මරණ පරීක්ෂණයේදී ලබාගත් සංරක්ෂිත පටක සාම්පල මගින් මෙම විශ්ලේෂණය සිදුකර තිබෙනවා.

රෝග ලක්ෂණ හටගෙන දින 230ක් වැනි කාලයක් ගතවන තුරු හෘදය සහ මොළය ඇතුළු ශරීරයේ විවිධ කොටස්වල වයිරස් අංශු නොනැසී පවතින බව මෙම පර්‌යේෂණයෙන් වැඩිදුරටත් හෙළි වී තිබෙනවා. (colombotimes.lk)

Viber



Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq