October 27, 2021

Ada Rata

All news in one location

කොරෝනා කැලේ.. අවමගුලකට අති විශාල පිරිසක්… පොලිසියෙන් පන්නයි..


September 5, 2021 at 4:40 pm |

කොරෝනා කැලේ.. අවමගුලකට අති විශාල පිරිසක්… පොලිසියෙන් පන්නයි..

යාපනය අච්චුවේලි නාවට්කාඩු ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සව අවස්ථාවකට සෞඛ්‍ය නීති කඩකරමින් 600 කට අධික පිරිසක් සහභාගී වීම හේතුවෙන් අදාල පිරිස විසුරුවා හැරීමට පොලිස් නිලධාරීන් පියවර ගත්හ.

පසුගිය 02 වනදා නාවට්කාඩු ප්‍රදේශයේ පිහිටි කුඹුරක සීසාමින් සිටි 40 හැවිරිදි ත්‍යාගරාසා මදනපාලන් නැමති පුද්ගලයා අඛුණුසැර වැදීමකින් එම ස්ථානයේදීම මිය ගොස් තිබුණි.

මිය ගොස් සිටි පුද්ගලයා පේදුරුතුඩුව ලං ග ම බස්රථ රියදුරෙක් වශයෙන්ද සේවය කරන අතර බස්රථ රියදුරාගේ අවමංගල්ල්‍ය අවස්ථාවට ලංගම සේවකයින් ඇතුලු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

එහිදී අවසන් කටයුතු සිදුකිරීම සඳහා මළ සිරුර සුසාන භූමිය කරා රැගෙන යන අවස්ථාවේදී 600 කට අධික පිරිසක් සෞඛ්‍ය නීති අනුගමනය නොකරමින් රැසවීම හේතුවෙන් ප්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන්ට සහ පොලිස් නිලධාරීන්ට අදාල පිරිස් විසුරුවා හැරීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවූහ.

කෙසේ වෙතත් අදාල අවමංගල්ල්‍ය අවස්ථාවට සහභාගී වූ පිරිස් සොයා පරික්ෂණයක්ද අරඹා ඇතැයි පේදුරුතුඩුව පොලීසිය සහ සෞක්‍ය නිලධාරීන් වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,312 views



Source link