December 4, 2021

Ada Rata

All news in one location

කොරෝනා කරලට අනුමැතිය දීලද ? මම නං දන්නෙ නෑ – සුදර්ශනී



කොරෝනා ආසාදිතයන් සඳහා ප්‍රතිකර්මයක් ලෙස හඳුන්වා දී ඇති කිසිදු ඖෂධයක් සඳහා ශ්‍රී ලංකාව තුළ භාවිතයට අනුමැතිය ලැබී නොමැති බව කොරෝනා මර්දන රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.

කොරෝනා වෛරසය සඳහා හඳුන්වා දෙන ඕනෑම ඖෂධයක් සඳහා අනුමැතිය ලබා දෙන්නේ ඖෂධ නියාමන අධිකාරිය සහ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පත්කර ඇති තාක්ෂණික කමිටුව බව පෙන්වා දෙන රාජ්‍ය ඇමතිවරිය පවසන්නේ එම ආයතන දෙක එන්නත් හැර වෙනත් කිසිදු ඖෂධයක් සඳහා අනුමැතිය ලබාදී නොමැති බවයි.

මොල්නපිරවීර් ඖෂධය මෙරට භාවිතය සඳහා අනුමැතිය ලබා දී තිබේද යන්න පිළිබඳව මාධ්‍ය සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඇමතිවරිය මේ බව සඳහන් කර තිබේ.

කෙසේ නමුත් ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පසුගියදා ප්‍රකාශ කළේ බ්‍රිතාන්‍යය විසින් හඳුන්වා දී ඇති මොල්නපිරවීර් කරල සඳහා අනුමැතිය ලැබී ඇති බවයි.

UN




Source link