November 29, 2021

Ada Rata

All news in one location

කොරෝනාවට අත වනමින් හින්දු කෝවිලක පූජාවක්


නිරෝධායන උපදෙස් වලට පටහැනිව කටයුතු කරමින් තලවකැලේ නගරයේ පිහිටි හින්දු කොවිලක වාර්ෂික ආගමික උත්සවය අද(10) දින තලවකැලේ නගර මධ්‍යයේදි සිදු කෙරිණි.

හින්දු බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත් වු අතර , එම උත්සවය පැවැත්විමට සෞඛ්‍ය අංශයෙන් කොවිල් පාලක සභාව විසින් කිසිදු අවසරයක් ලබාගෙන නොමැති බවට පැවසේ.

තලවකැලේ ප්‍රදේශයෙන් පසුගිය දිනවල කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් විශාල පිරිසක් හමු වු අතර , කොවිඩ් 19 වෛරසය අසාදනය විමෙන් තලවකැලේ ප්‍රදේශයේ විශාල පිරිසක් මියගොස් ඇති බව සෞඛය අංශ නිලධාරින් පවසයි.

පැවති ගුරු විදුහල්පති උද්ඝෝෂණ පුර්වාදර්ශයක් කර ගනිමින් තලවකැලේ ප්‍රදේශයේ හින්දු කොවිලේ පාලක සභාව විසින් මෙම උත්සවය පවත්වන බව ප්‍රදේශවාසින් සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0

අවුල් වගේ !
0

හරි හිනා !
0

හම්මෝ !
0

මාර දුකයි !
0

මලපනිනව !
0

කුජීතයි !
0





Source link