December 4, 2021

Ada Rata

All news in one location

කොදෙව්වන් සමග ටෙස්ට් තරගාවලිය අභියස ක්‍රිකට් කණ්ඩායමේ කොවිඩ් බියක් !



ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර මණ්ඩලයේ සාමාජිකයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි වාර්තා වේ. කෙසේ නමුත් මේ දක්වා ඒ පිළිබඳව නිළ ප්‍රකාශයක් සිදුකර නොමැත.

අදාල පුහුණුකරුවාට කොවිඩ් ආසාදනය වී ඇතිද යන්න පිළිබඳව නැවත තහවුරු කර ගැනීම සඳහා තවත් පරීක්ෂණයක් සිදු කිරීමටද නියමිතව තිබේ. ඔහු සමග සමීපව කටයුතු කළ ක්‍රීඩකයන් කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බව පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා.

තරග 02 කින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා මේ වනවිටත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර පළමු ටෙස්ට් තරගය නොවැම්බර් 21 වැනිදා ආරම්භ වේ.

දෙවැනි ලෝක කුසලාන ටෙස්ට් තරගාවලියට අදාලව මෙම තරගාවලිය පැවැත්වෙන අතර මේ නිසා මෙම තරගාවලිය අතිශය වැදගත් වේ.

ටෙස්ට් තරගාවලියට පෙර කොදෙව් කණ්ඩායම සහ ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර සිව්දින පුහුණු තරගයක් පැවැත්වීමට නියමිතව තිබූ නමුත් වර්ෂාව හේතුවෙන් එක් පන්දුවක් හෝ ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. ශ්‍රී ලංකා කණ්ඩායම දිගු කලකින් ටෙස්ට් තරගයක් ක්‍රීඩා නොකළ අතර වර්ෂාව හේතුවෙන් සංචිතයේ සිටින ක්‍රීඩකයන්ට රතු පන්දුවෙන් පුහුණුවක් නොලබාම ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කිරීමට සිදු වේ.

UN




Source link