December 5, 2021

Ada Rata

All news in one location

කොත්මලේ ජලාශයේ වාන් දොරටු ගැන දැනුම්දීමක්


ඉහළ කොත්මලේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට අද (10) දින පස්වරුවේ සිට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් තවදුරටත් විවෘත වි ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසුවා.

ඉහළ කොත්මලේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට අඛණ්ඩව ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් අද දින සිට විවෘත කල බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කළා.

තව දුරටත් වැසි එලෙසම පැවතියහොත් ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රියව විවෘත වන නිසා ජලාශ වේල්ලට පහළින් කොත්මලාඔය දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ජලාශ භාර ඉංජිනේරුවන් ඉල්ලා සිටිනවා. (colombotimes.lk)

Viber



Source link