October 28, 2021

Ada Rata

All news in one location

කෙරවලපිටිය බලාගාරය විකිණීමට විරුද්ධයි කියා අපි කියන්නෙ නෑ. සාකච්ඡාවක් තමයි ඕනෑ



කෙරවලපිටිය විදුලි බලාගාරය සහ ස්වභාවික ද්‍රව වායු සැපයීම සම්බන්ධයෙන් රජය ඇමරිකානු සමාගමක් සමග අත්සන් කළ ගිවිසුමට තමන් විරුද්ධයැයි තමන් ප්‍රකාශ නොකරන බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණ මහතා පවසයි. 

තමන්, විමල් වීරවංශ මහතා, වාසුදේව නානායක්කාර මහතා ඇතුළු ආණ්ඩුවේ කුඩා පක්ෂ සන්ධානය රැස්ව මේ පිළිබඳ සාකච්ඡා කළ අතර තමන්ගේ බලාපොරොත්තුව වන්නේ මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක් ලබාගැනීම බවයි ඒ මහතා සඳහන් කළේ. 

ප්‍රශ්නය – LNG තාප බලාගාරය ඇමරිකාවට විකිණීම සම්බන්ධයෙන් සාකච්ඡා වුණාද ?

“එය සාකච්ඡා වුණා. අපි දැන් ඉල්ලීමක් කරලා තියෙනවා ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මේ සම්බන්ධව හම්බුවෙලා සාකච්ඡා කරන්න”

ප්‍රශ්නය – ඒ කියන්නෙ පක්ෂ නායකයො විදියට ඔබතුමන්ලා මේකට විරුද්ධයි ?

“නෑ. අපි ඒ ගැන මම මොකුත් කියන්න යන්නෙ නෑ. අපි යනවා සාකච්ඡාවක් තියන්න. අපි බලමු මේ සාකච්ඡාවේ ප්‍රතිඵල මොකක්ද කියලා …”

ප්‍රශ්නය – ජනාධිපතිතුමාට මේකට විරුද්ධයි කියන්නද සාකච්ඡා කරන්න හදන්නෙ ?

“නෑ, නෑ, නෑ, නෑ …. අපට අදහස් හුවමාරුවක් කරන්න අවශ්‍යයයි ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් එක්ක” 

තිස්ස විතාරණ මහතා මේ බව පැවසුවේ ඊයේ (20) ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ පැවති ආණ්ඩුවේ කුඩා පක්ෂ නායකයින්ගේ රැස්වීමකින් අනතුරුව පිටව යන මොහොතේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. විමල් වීරවංශ මහතා ද එතැනදී මෙම බලාගාර ගනුදෙනුව සම්බන්ධයෙන් සෘජුව විරෝධය පෑමක් සිදු නොකළ අතර ඒ මහතා ද මාධ්‍ය වෙත පැවසුවේ තමන් ගන්නා පියවර ඉදිරියේදී මාධ්‍ය වෙත දැනුම් දෙන බවකි. වාසුදේව නානායක්කාර මහතා පමණක් තරමක් විරෝධයක් පෙන්වමින් කතා කළ අතර ඔහුත් සෘජුවම යමක් නොකීමට ප්‍රවේශම් වන ආකාරයක් ද දක්නට ලැබිණි. 

RN




Source link