October 27, 2021

Ada Rata

All news in one location

කෙනෙහිළිකම්වලට එහා ගිය දේශපාලන ප්‍රශ්නයක් ආණ්ඩුවේ තිබෙනවා. යළි 56ක් හෝ 70ක් නිර්මාණය වෙන්නත් පුළුවන්



ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවලට කෙනෙහිළිකම්වලට එහා ගිය දේශපාලන ප්‍රශ්නයක් ඇති වෙමින් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

56දීත් පැමිණි දේශප්‍රේමී ගමන නවතා දැමුවේ බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීමෙන් වන අතර සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ 70බලයට පැමිණි සමඟි පෙරමුණු ආණ්ඩුව විසින් මුල පුරා තිබුණු ජාතික ආර්ථික ගමන වැලැක් වූයේ ආචාර්ය එන්.එම්.පෙරේරා ඇතුළු වමේ පක්ෂ ආණ්ඩුවෙන් එලවා දැමීමෙන් වන බවත් මේ නැවත වරක් වත්මන් ආණ්ඩුව තුළ සිදුවෙමින් තිබෙන්නේ එවැනි තත්ත්වයක් බවත් එය 56 සිදුවීම හෝ 70වේ සිදුවීම මෙන් විය හැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි. 

ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති අපේක්ෂකත්වය නොදී සිටීමේ කුමන්ත්‍රණකාරී බලවේග ක්‍රියාත්මකව තිබියදී මේ මොහොතේ රට හමුවේ පවතින අභියෝග ජයගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතා හැර වෙනත් සුදුසු පුද්ගලයෙක් නොමැති බවට සමාජයේ දෑ හිතකාමී බලවේගවලට අවධාරණය කළ නායකයින් දෙදෙනෙකු වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල වැනි අයට ප්‍රහාර එල්ල කිරීමේ තත්ත්වය බරපතල කාරණයක් බවද ඔහු කියාසිටියි. 

ඒ අනුව මේ වනවිට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවලට බරපතල පිඩාවක් ඇතිවෙමින් තිබෙන බවයි හෙතෙම ප්‍රකාශ කරන්නේ.

ඊයේ (21) දින මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි මන්ත්‍රීවරයා මේ බව කියා තිබුණේ.

ASK 
 




Source link