November 29, 2021

Ada Rata

All news in one location

කුලියාපිටියේ කොවිඩ් වැඩිවීමක්


කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය ආශ්‍රිතව පසුගිය සති දෙක තුළ කොවිඩ් ආසාදිතයින් 79දෙනෙක් වාර්තා වී තිබෙනවා.

සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවලින් එම ආසාදිතයින් හඳුනාගත් බවයි කුලියාපිටිය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය උත්පල ගුණසේකර මහතා සඳහන් කර සිටියේ.

ආසාදිතයින්ගෙන් බහුතරයක් එලතලව ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

එම ප්‍රදේශය ආශ්‍රිතව පැවති විවාහ මංගල උත්සවයකින් අනතුරුව මෙලෙස ආසාදිතයින් වැඩි වශයෙන් හඳුනාගත් බව ද වෛද්‍ය උත්පල ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසුවා.

ඊයේ (25) දිනයේ දී ද නව කොවිඩ් ආසාදිතයින් 15 දෙනෙක් වාර්තා වූ බව පැවසු වෛද්‍යවරයා, ඉකුත් දින කිහිපයේදීම ඇඹව හා එලතලව ආදී ප්‍රදේශයන්හි සිදුකළ ඇන්ටිජන් පරීක්‍ෂාවන් අතුරින් හඳුනාගත් ආසාදිතයින්ගෙන් සියයට 72ක් පමණ එන්නත් මාත්‍රා දෙකම ලබාගත් අය බව ද සඳහන් කළා.

ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරන්නේ නම් ඉදිරියේ දී භයානක ප්‍රතිඵලවලට මුහුණදීමට සිදුවිය හැකි බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසුවා.

කෙසේ වෙතත් කුලියාපිටියේ කොවිඩ් තත්ත්වය ගැන සෞඛ්‍ය අංශ විමසිල්ලෙන් සිටින බවයි පැවසුවේ.
(colombotimes.lk)

Viber

The post කුලියාපිටියේ කොවිඩ් වැඩිවීමක් appeared first on Colombo Times.



Source link