November 27, 2021

Ada Rata

All news in one location

කුරුණෑගල ගුරුවරු කොල්ලුරේගේ කාර්යාලය වටලයි



ගුරු වැටුප් විෂමතා ගැටලුවට ස්ථිර විසඳුම් ඉල්ලා ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද රටපුරා විරෝධතා ව්‍යාපාර දියත් කර තිබිණි.

කුරුණෑගල අධ්‍යාපන කලාපයේ පාසල්වල ගුරුවරු කුරුණෑගල නගරයේදී විරෝධාවක් සංවිධානය කර තිබූ අතර මේ සඳහා ගුරුවරුන් දහසකට අධික පිරිසක් එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

කුරුණෑගල නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට සිට පා ගමනින් වයඹ පළාත් ආණ්ඩුකාර කාර්යාලය වෙත ගුරුවරුන් ගමන් කළ අතර ආණ්ඩුකාර කාර්යාලය වෙත ඇතුළුවීමට උත්සාහ දරා තිබිණි. ඒ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතාට විරෝධය පළ කිරීම සඳහායි.

ආණ්ඩුකාර කාර්යාලය අසල පොලිස් නිළධාරීන් 100 කට වැඩි පිරිසක් රඳවා සිටි අතර විරෝධතාකරුවන් පාලනය කර ගැනීමට පොලීසිය සමත් විය. එහිදී පොලීසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්වයක්ද ඇති වූ බවයි වාර්තා වන්නේ.

පසුගිය 21 වැනිදා පාසල් ආරම්භ කිරීමෙන් පසුව වයඹ පළාතේ සේවයට වාර්තා නොකරන ගුරුවරුන්ගේ වැටුප් කපා දමන බවට ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර තිබූ අතර ඊට ගුරුවරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය.

UN




Source link