November 27, 2021

Ada Rata

All news in one location

කුරින්ජන්කේනි පාලම ගැන ජනපතිගෙන් විශේෂ නියෝගයක්


කුරින්ජන්කේනි පාලම මාස 9ක් ඇතුලත ඉදිකිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

අද (25) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවට එක්වෙමින් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර්. පේමසිරි මහතා මේ බව සඳහන් කළා.

ත්‍රිකුණාමලය කින්නියා, කුරින්ජන්කේනි කළපුවේ පාලම් පාරුවක් පෙරළි යාමෙන් පාසල් දරුවන් ඇතුළු හයදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ සිද්ධිය දැඩි සංවේගයට හේතුවක් බවයි එහිදී ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියේ.
(colombotimes.lk)

Viber



Source link