October 27, 2021

Ada Rata

All news in one location

කුණුහරුප කියමින් පහර දුන් මේජර් ජෙනරාල් අත්අඩංගුවට..


July 1, 2021 at 10:40 am |

කුණුහරුප කියමින් පහර දුන් මේජර් ජෙනරාල් අත්අඩංගුවට..

මින්නේරිය ප‍්‍රදේශයේ දී වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර ඔවුන්ට පහර දුන්නේ යැයි චෝදනා එල්ල වන යුද හමුදාවේ මේජර් ජෙනරාල්වරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අද පෙරවරුවේ හබරණ පොලිසියට භාරවීමෙන් පසු මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඔහු මේ වන විට කැකිරාව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගොස් ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.

මෙම මේජර් ජනරාල්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අධිකරණය විසින් පොලිසියට නියෝග කර තිබිණි.

3,944 views



Source link