December 5, 2021

Ada Rata

All news in one location

කුඩා වැවිලි බෝග වල ප්‍රගතියක්



කහ , ගම්මිරිස් ආදී බෝග සඳහා වෙළඳපොළ කෙරෙහි නිශ්පාදනයේ 50%ක ප්‍රගතියක් අත්කරගෙන ඇතැයි කුඩා වැවිලි බෝග සංවර්ධන ආශ්‍රිත අමාත්‍යාංශය සහ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙහි මූල්‍ය ඉලක්කය රුපියල් මිලියන 224 කි. පසුගිය ඔක්තෝබර් 23 වනදා වනවිට එහි ප්‍රගතිය රුපියල් මිලියන 107 කට වැඩි බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.

කුළුබඩු හා ඒ ආශ්‍රිත නිශ්පාදන අලෙවි මණ්ඩලය මේ වනවිට මී මුරේ, කොළොන්න, ගොඩකවෙල, පනාමුර, කළවාන සහ රත්නපුර යන ප්‍රදේශ වලින් රුපියල් මිලියන 35 ක ගම්මිරිස් මිලදී ගෙන ඇත. මෙම ගම්මිරිස් නිශ්පාදන “සංස්ථා කුළුබඩු” නමින් අලෙවියට තබා ඇතැයි අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

මෙම වගාවන් වල ඵලදාව වැඩි වීමත් සමඟ, වගා කරුවන් අපේක්ෂිත මිලක් සහිතව කුළුබඩු අලෙවි මණ්ඩලය මඟින් මිලදී ගැනීම පිළිබඳ  වගාකරුවන් තුළ ඇත්තේ ඉතාමත් පැහැදීමකි. අතරමැදියන්ගේ කුණුකොල්ලයට හසුවන මොවුන්ගේ අස්වැන්නට රජය නියම මිලක් ලබාදී ඇත. ඔවුන් ද ඒ පිළිබඳ වඩාත් සෑහීමකට පත් වන අතර වගාවට යොමුවන්නේ ඉතාමත් කැමැතෙනි. ඉදිරි අස්වැන්න මීටත් වඩා වැඩි වේවි යැයි ඔවුන්ගේ අපේක්ෂාවයි.

රටට අවශ්‍ය දේශීය බෝග රටතුළම නිශ්පාදනයට යොමුවීමත් , අතිරික්ත ප්‍රමාණය අපනයනයට යොමුවීමත් සාර්ථක ආර්ථිකයක් සහිත රජයක ප්‍රධාන ලක්ෂණයක් වේ…

රෂිකා සඳමාලි හෙන්නායක Facebook
Sponsored Article




Source link