October 28, 2021

Ada Rata

All news in one location

කුකුළු මස් මිල ගණන් ඉහළ දැමීමට ඉල්ලීමක්


කුකුළු මස් මිල ගණන් ඉහළ නැංවීමට අවසර ලබාදෙන්නැයි කුකුළු මස් නිෂ්පාදකයින්ගේ සංගමය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

කුකුළු කෑම නිෂ්පාදන වියදම් ඉහළ යාම හේතුවෙන් පවතින මිලට කුකුළු මස් අලෙවි කළ නොහැකි බවයි කුකුළු මස් නිෂ්පාදකයින්ගේ සංගමය සදහන් කළේ.

රුපියල් 50 ක්ව පැවැති බඩ ඉරිඟු කිලෝග්රෑමයක මිල මේ වන විට රුපියල් 90 ත් 95 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ හේතුවෙන් මේ වන විට රුපියල් 430 කට අලෙවි කෙරෙන කුකුළු මස් කිලෝග්රෑමයක් රුපියල් 550 කට අලෙවි කිරීමට අවසර දෙන්නැයි කුකුළු ව්‍යාපාරිකයින්, පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලා තිබෙනවා. (colombotimes.lk)



Source link