October 19, 2021

Ada Rata

All news in one location

කුකුල් මස් මිල ඉහළ යයි ද


දැනට පවතින කුකුල් මස් මිල පැවැති මිලට වඩා දෙගුණයකින් වැඩි කර තිබෙනවා. පාරිභෝගිකයෝ පවසා සිටින්නේ වෙළඳපොළේ කුකුල් මස් 1 kg ක මිල රුපියල් 675 ත් 800 ත් අතර තිබූ බවයි.

මේ පිළිබඳව සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කළේ කුකුල් මස් රජයේ උපරිම මිලට පමණක් විකිණීමට නිෂ්පාදකයින් කැමති වී තිබෙන බවයි.

තව දුරටත් කියා සිටියේ බ්‍රොයිලර් වර්ගයේ කුකුල් මස් රජයේ පාලන මිලක් වන රුපියල් 430 කට සහ ශිත නොකළ කුකුල් මස් රුපියල් 375 කට අළෙවිකරුවන්ට ලබාදීමට නිෂ්පාදකයන් එකඟ වූ බවත් සිංහල හා දෙමළ අලූත් අවුරුදු කාලයේ මිල ඉහළ යාම රජයටත් ගැටලූකාරී තත්ත්වයක් මතුව ඇති බවයි. (Colombo Times)



Source link