January 19, 2022

Ada Rata

All news in one location

කිලිනොච්චියෙන් හමුවූ පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ පරික්ෂණ


කිලිනොච්චි කුමාරසාමිපුරම් ප්‍රදේශයේ ප්‍රාථමික විද්‍යාලය අසල වලදමා තිබියදී ඊයේ (28) සොයාගත් පුපුරණද්‍රව්‍ය හා ආයුධ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා.

අධිකරණ නියෝග මත අදාල ස්ථානයේ කැනීම් සිදුකෙරෙන බවත් යුධ සමයේ එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් මෙම පුපුරණද්‍රව්‍ය හා ආයුධ වල දමන්නට ඇති බවත් සැක පල කරනවා.

ලද බුද්ධි තොරතුරකට අනුව සිදුකල පරික්ෂාවේ දී භාවිතයට ගත නොහැකි මට්ටමේ මලබැඳී ඇති ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය තොගයක් ගොඩ ගෙන තිබෙනවා.

ඒ අතර විවිධ වර්ගයේ රයිෆල් තුවක්කු, පතොරම් බහාලුම්, ආර් පී ජී උණ්ඩ, මෝටාර් උණ්ඩ, පතෙරම් හා බෝම්බ තොගයක් තිබූ බව පොලිසිය සඳහන් කළා.

කිලිනොච්චිය කුමාරසාමිපුරම් ප්‍රදේශය භාර පොලිසිය විශේෂ මෙහෙයුම් බලකාය සහ යුද හමුදාව එක්ව එම ප්‍රදේශයේ වැඩිදුර පරික්ෂණ කටයුතු සිදු කරනු ලබනවා. (colombotimes.lk)

Viber



Source link