January 19, 2022

Ada Rata

All news in one location

කිරි පිටි පෝලිම් ගැන සොයන්නැයි ජනපතිගෙන් පොලීසියට උපදෙස්


දේශීය කිරිපිටි නිෂ්පාදන සමාගමක නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ජනතාව දිගු පෝලිම් වල රැඳී සිටිමට හේතුව සොයා බලන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට උපදෙස් දී තිබෙනවා.

ඒ අනූව අදාළ කිරිපිටි නිෂ්පාදන සමාගමේ සභාපතිවරයා සමඟ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඊයේ සාකච්ඡාවක නිරතවී ඇතැයි පොලීසීය සඳහන් කළා.

අදාළ තදබදයට හේතුවී ඇත්තේ මිරිහාන ස්ටැන්ලි තිලකරත්න මාවතේ පිහිටි අලෙවිසැල මඟින් එක් කවුළුවකින් කිරිපිටි නිකුත් කිරිමේදී ඇතිවන ප්‍රමාදය බව, එහිදී හඳුනාගෙන තිබෙනවා.

ඒ අනූව අලෙවිසැල් සංඛ්‍යාව වැඩිකර පෝලිම්වල රැඳී සිටීමකින් තොරව ජනතාවට කිරිපිටි මිලදී ගැනීමට අවස්ථාව සළසන බව, අදාළ කිරිපිටි සමාගමේ සභාපතිවරයා දැනුම් දී ඇතැයි පොලීසීය සඳහන් කළා.

ඒ අනූව අද සිට අලෙවිසැල් සංඛ්‍යාව වැඩිකරනු ඇති. (colombotimes.lk)

Viber



Source link