December 4, 2021

Ada Rata

All news in one location

කිරි,බිත්තර,මස් ගෙන්වා ගන්න දුරකථන අංක තුනක්


පවතින කොවිඩ් 19 වසංගතය හමුවේ කිරි,බිත්තර,මස් නිෂ්පාදන, වෙළඳපොල වෙත කඩිනමින් යොමුකිරීමේදී ඇතිවන බාධා විසදීම සඳහා සෘජු දුරකථන අංක තුනක් හඳුන්වා දී තිබෙන බව පශු සම්පත්,ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා පවසනවා.

ඒ අනුව වෛද්‍ය නිරෝෂන් ගමගේ (අතිරේක ලේකම්- පශු සම්පත්) 0772672015, වෛද්‍ය සාගරිකා සුමනසේකර(අධ්‍යක්ෂ-අභිජනන) – 0718101904 සහ වෛද්‍ය හේමාලි කොතලාවල 0718589004 යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලීමක් කරනවා.

අදාල නිෂ්පාදන අලෙවි කරන ජංගම වෙළෙදුන් හට තම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම් හා පශු වෛද්‍ය කාර්යාල හරහා සෘජුව අවසර ගත හැකි බවත් කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

තවද යම් අයෙකුට කිරි,බිත්තර,මස් ආශ්‍රිත නිෂ්පාදනවලට අමතරව සත්ව ආහාර හා බෙහෙත් ප්‍රවාහනයට අවශ්‍ය අවසරයද ඉහත කාර්යාල මගින් ලබා ගත හැකි බවත් ඔහු සඳහන් කළා.

මේ වන විට ජංගම එළවළු හා පලතුරු අලෙවි රථ පවත්වාගෙන යන රථ හිමියන්ට තම රථ මගින් බිත්තර හා මස් ද අලෙවි කරන ලෙසද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී ඉල්ලීමක් කළා. (colombotimes.lk)

May be an image of text



Source link