January 26, 2022

Ada Rata

All news in one location

කිරිපිටි මිල යළිත් ඉහළ යන ලකුණු


ආනයනික කිරිපිටි මිල ඉදිරි දින කිහිපය තුළ ඉහළ දැමීමට සිදුවන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඉහළ දමන මිල ගණන් සම්බන්ධයෙන් අද (30) දිනයේ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා සඳහන් කළේ.

පසුගිය ඔක්තෝබර් මාසයේදී ද ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් විසින් පියවර ගනු ලැබුවත් ලෝක වෙළෙඳපොළේ මිල යළිත් වරක් ඉහළ යාම හේතුවෙන් පවතින මිල ගණන් යටතේ කිරිපිටි තවදුරටත් ලබාදීමට නොහැකි බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

මේ වන විට කිරිපිටි සඳහා පාලන මිලක් නොමැති අතර එම නිසා ආනයනකරුවන්ට කිරිපිටි මිල වැඩි කිරීමට අවස්ථාව හිමිව තිබෙන අතර කිරිපිටි ආනයන සමාගම් විසින් එම මිල වැඩි කිරීම ඉදිරි දින කිහිපය තුළ බලාපොරොත්තු වන බව ද අශෝක බණ්ඩාර මහතා සඳහන් කළා.

කෙසේවෙතත් පසුගිය සති කිහිපය තුළ වෙළෙඳපොළේ කිරිපිටි හිඟයක් ද දක්නට ලැබුනා.

මේ වන විට කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 480කට සහ කිලෝග්‍රෑම් 1ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 1,195කට වෙළෙඳපොළේ අලෙවි වනවා. (colombotimes.lk)

Viber



Source link