October 28, 2021

Ada Rata

All news in one location

කිරිපිටි මිලදී ගන්න දීර්ඝ පෝලිම්…


September 12, 2021 at 4:40 pm |

කිරිපිටි මිලදී ගන්න දීර්ඝ පෝලිම්…

වෙලදපොලේ මේ දිනවල පවතින කිරිපිටි හිගයත් සමග හැටන් පරණ ඉදිරිපොල භුමියේ පිහිටි සතොස ශාඛාව වෙත (12) දින ලද කිරිපිටි මිල දි ගැනිම සදහා පාරිභෝගිකයන් විශාල පිරිසක් දිගුපොලිම් වල රැදි සිටින අයුරු අප කැමරාවේ සටහන් විය.

හැටන් සතොස ශාඛාව වෙත ලද ඉතා සිමිති කිරිපිටි පැකට් ප්‍රමාණය පාරිභෝගිකයන්ට සාදාරණ ලෙස බෙදා දිමට පියවර ගත් බවයි සතොස ශාඛාවේ කලමණාකාරවරයා කියා සිටියේ.

මේ අතර හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේ පිහිටි සතොස ශාඛාවේ සේවිකාවකට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (12) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු නිසා සතොස ශාඛාව දින 14 ක් වසා දැමිමටත්, එම ශාඛාවේ සේවය කල සේවකයින් 09 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවරගත් බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රාමයියා බාලක්‍රිෂ්ණන් මහතා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

2,964 views



Source link