October 28, 2021

Ada Rata

All news in one location

කිංස්ලි, ඊමේල් කෝ. – අනුර හෑගොඩ



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අභිනවයෙන් ඇති කරන ලද ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක තනතුරේ වැඩ භාර ගත් කිංස්ලි රත්නායක හාපුරා කියා වැඩ වරද්දා ගත්තේ ය. ජනාධිපති වරයා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අතර වූ සාකච්චාවක් හේතුවෙන් චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් නමැති කොවිඩ් එන්නත අනුමත කල බව ඔහු පැවසීය. එහෙත් එවැන්නක් සිදුව නැතැයි යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය තමනට ඊමේල් මඟින් දැනුම් දුන් බව ශ්‍රී ලංකාවේ ඩේලි මේල් පුවත් පත තම වෙබ් අඩවියේ පල කළේය.

එම කරුණ මත කිංස්ලි රත්නායකට දස අතින් පහර වදින්නට විය. මේ ඒ පිළිබඳව සහ එංගලන්තයේ අගමැති බොරිස් ජොන්සන් මුහුණ පා සිටින අසීරු කරුණු දෙකක් පිළිබඳව  නීතිඥ අනුර හෑගොඩ ගේ යූ ටියුබ් චැනලයේ පළවූ විග්‍රහයකි.




Source link