October 28, 2021

Ada Rata

All news in one location

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ අපුරු යෝජනාවක්


පසුගියදා සායනික පරීක්ෂාවක් මගින් කොවිඩ් රෝගයට ප්‍රතිකාරයක් ලෙස ධම්මික පැණිය භාවිතා නොහැකි බව තහවුරු කෙරුණු අතර ධම්මික බණ්ඩාර මහතා මෙම සායනික පරික්ෂාව ප්‍රතික්ෂේප කරන බව කියා සිටියේය.
ඔහු පවසා සිටියේ මස්, මාළු කෑම හා මත්පැන් පානය කිරීම මගින් පැණියේ ආරක්ෂාව අහිමිවන බවයි.

මේ අතර අදහස් දක්වමින් ධම්මික බණ්ඩාර මහතා කියා සිටින්නේ රට ජාතිය බේරා ගැනීම සඳහා මැතිවරණයේදී සහය දැක්වූ දේශප්‍ර්මි 69 ලක්ෂයක ජනතාවට ධම්මික පැණිය ලබා දී ඉතිරි අයට එන්නත ලබා දිය යුතු බවයි. එමගින් 69 ලක්ෂයක දේශමාමක ජනතාව ආරක්ෂාවන අතර විරුද්ධවාදීන් විනාශ වී යන අයුරු දැකගත හැකි බව ඔහු ප්‍රකාශ කර සිටී.





Source link