October 19, 2021

Ada Rata

All news in one location

කෑගල්ලට හදිසි ආපදා තත්ත්වයක්….


May 15, 2021 at 6:28 am |

කෑගල්ලට හදිසි ආපදා තත්ත්වයක්….

කෑගල්ල දිස්ත‍්‍රීක්කයට ඇද හැලුනු අධික වර්ෂාව මත ඇතිව තිබෙන හදිසි අපදා තත්වය හේතුවෙන් පවුල් 60 ක් අවතැන් වි පුද්ගල මරණ එකක් වාර්තා වි ඇති බව 14  එම අපදා තත්වයන් නිරික්ෂණය කර කෑගල්ල දිසාපති / දිස්ත‍්‍රීක් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා පැවසීය.

අධීක වර්ෂාව හේතුවෙන් කෑගල්ල තෝලංගමුව ගස්නාව ප‍්‍රදේශයේ 13 රාත‍්‍රී පස් කන්දක් කඩා වැටීම නිසා නිවාස දෙකක් පූර්ණ වශයෙන් හානි වි ඇති බවත් අවුරුදු 55 ක පිරිමි පුද්ගලයෙක් පස් කන්දට යට වි මිය ගිය අතර එම නිවසේ කාන්තාවක් සහ හානියට පත් අනික් නිවසේ සිටි පුද්ගලයන් තිදෙනෙක් ගම්වාසීන් විසින් රෝහල් ගත කර ඇති බවද කියයි. එමෙන්ම දැරණියගල ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාංශයේ පවුල් 07 ක් පුද්ගලයන් 35 ක් අවතැන් වි ඇති බවත් දැරණියගල, වරකාපොළ, යටියන්තොට සහ දෙහිඹ්විට යන ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාංශයන් වලට මෙම අපදා තත්වය තදින්ම බලපා ඇති ඒ මහතා පැවසීය.

පීඩාවට පත් වු ජනතාවට සහන සැලකිම මේ වන විට සිදු කරමින් පවතින අතර ඒ සඳහා ප‍්‍රාදේශිය ලේකම්වරුන් ග‍්‍රාම නිලධාරීවරුන්, අපදා නිලධාරීන් පොලිසිය සහ ආරක්ෂක අංශවල නිලධාරීන් ඇතුලූ රජයේ නිලධාරීන් රැුසක් ඒකාබද්ධ වි කටයුතු කරමින් සිටින බව දිසාපතිවරයා පැවසිය. මෙම සියළු කටයුතු කොවිඞ් වසංගතය වැලැක්වීම සඳහා වන ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ සිදු කෙරෙන බවද ඒ මහතා වැඩිදුරත් පැවසිය.

එමෙන්ම හෙම්මාතගම පොලිස් බල ප‍්‍රදේශයේ බලත්ගමුව ප‍්‍රදේශයේ නිවසකට පස් කන්දක් සහ ගල් පෙරළි එම නිවසට දැඩි අලාභානි සිදු වි ඇති අතර එම නිවසට ඉහල කන්දේ ගස් සහ ගල් මෙන්ම පස් කන්ද මේ වන විට නාය යෑමට ආසන්නව පවතින අතර එම නාය යෑම සිදු වුවහොත් නිවසට දැඩි අලාභානි සිදු විමටද ඉඩ ඇති බව ප‍්‍රදේශවාසීන් පවසන අතර එම ස්ථානය අද උදෑසන මාධ්‍ය කණ්ඩායම් වලට නිරික්ෂණ විය.

එමෙන්ම කෙහෙල්පන්නල, පුහුල් හේන ප‍්‍රදේශයේ මාර්ගය දෙපස නාය යෑමට ලක් වි ඇති අතර අධී බලැති විදුලි රැුහැන් පද්ධතියක්ද එම නාය ගිය කොටසේ පවති. එම විදුලි කණුවද තරමක් ඇලවි ඇති අතර හෙම්මාතගම විදුලි බල මණ්ඩලයේ නිලධාරින් එම ස්ථානය මේ වන විට නිරික්ෂණය කරමින් පවති.

එමෙන්ම හෙම්මාතගම ගම්පොල මාර්ගයේ බොහෝ ස්ථාන මේ වන විට මිදුමෙන් වැසි ඇති අතර වාහාන ගමනා ගමනයේදි සැකිලිමත්ව වාහාන ගමනා ගමනයේ නිරත විය යුතුව ඇත. මෙම මාර්ගය පළාත් දෙකක් යා කරමින් ඇති මාර්ගයක් නිසා මේ වන විට හෙම්මාතගම පොලිසිය විසින් බලත්ගමුව ප‍්‍රදේශයේ වාහාන පරික්ෂාව සිදු කරයි. ගම්පොල පොලිසිය විසින් ගම්පොල නගරයට ආසන්න හෙම්මාතගම මාර්ගයේ වාහාන පරික්ෂාවට නිලධාරින් යොදවා ඇති අකාරය දැක ගත හැකි විය.

– කෑගල්ල සමන් විජය බණ්ඩාර

1,230 views



Source link