December 4, 2021

Ada Rata

All news in one location

කැළණි ගඟ දෙපස ගංවතුර අවදානම ඉහළට


කැලණි ගංඟා ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පවතින ගංවතුර තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ගංවතුර තත්ත්වය එලෙස වර්ධනය විය හැකි බවයි.

මේ හේතුවෙන් කැලණි ගංගා නිම්නයේ පහත් බිම් ප්‍රදේශවල සිටින ජනතාව සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන් සැලකිලිමත් විය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම්දෙයි.

මේ අතර කළු ගඟ ආශ්‍රිත පහත් බිම් ද හොරණ, අගලවත්ත, ඉංගිරිය, පාලින්දනුවර, බුලත්සිංහල, දොඩංගොඩ, මිල්ලනිය,මදුරාවල සහ කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ගංවතුර තත්ත්වය වැඩිවීමේ අවදානමක් පවතින බවද වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.



Source link