December 4, 2021

Ada Rata

All news in one location

කැරොලයින් ජුරි සහ චුලා පද්මේන්ද්‍රන් ලක්ෂය බැගින් ශරීර ඇප මත මුදා හැරේ


ලෝක විවාහක රූ රජින කැරොලයින් ජුරි සහ චූලා පත්මේන්ද්‍ර යන අය ශ්‍රී ලංකා විවාහක රූ රැජිනගේ කිරුළ ගලවා සුළු තුවාල කිරීමේ සිදුවීමට අදාළව රුපියල් ලක්ෂය බැඟින් වූ ශරීර ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (19) එම නියෝගය සිදුකර ඇත.

එම සිදුවීමට අදාළව කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර සිටි අතර පොලිස් ඇප මත සිටි සැකකාරියන් අධිකරණය හමුවේ පෙනී සිට තිබුණි.

අදාළ පැමිණිල්ල කර තිබුනේ ශ්‍රී ලංකා විවාහක රූ රැජින වන පුෂ්පිකා ද සිල්වා විසින්.



Source link